බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරීම..

ගුරුවරියක් විදියට ඔයාලට අද මං කොහොමද මගේ බබාගේ බුද්ධි වර්දනය හා භාෂා හැකියාව දියුනු කරන්නේ කියලා කතා කරන්න හිතුවා

මෙහිදී child psychology ගැන කතා කරද්දී ඒ ඒසදහා විශාල දායකත්වක් දැක්වු දෙන්නෙක් තමයි Psychologist Jean Piaget සහ Sigmund Freud (neurologist and the founder of psychoanalysis) යන අය…

මේයලගේ අදනයනට අනුව දරුවෙකුවේ කුඩා කාලය තමයි ඉතාම වැදගත් වෙන්නේ..අම්මා කෙනෙක්ගේ ගර්භණී අවදියේ පටන් මේ ලමා සංවර්ධන සිද්ධ වෙනවා.. මවගේ කටහඩේ තාලයට බබා නැලවෙනකොට මවගේ පියගේ සෙනෙහස ආදරය දරුවා විසින් ග්‍රහනය කර ගන්නවා සේම මවගේ විවිධාකාර වූ හැගීම්..දුක්, කෝපය, ආදී රිනාත්මක සිතුවිලිද ඔවුන් නිරයාසයෙන්ම ග්‍රහනය කර ගන්නවා..

ඒනිසා ලමා සංවර්ධනයෙදී දෙමාපියන්ගේ හැටියට බුද්ධිමත් ව ලමයින් සමග ගනුදෙනු කිරීම වැදගත් වෙනවා

ඒක හරියට නිකන් ගේකට foundation එක දානව වගේ ශක්තිමත් විය යුතුයි.. මේහිදී cognitive development (ඥානාත්මක සංවර්ධනය) ගැන කතා කරොත් Jean Pieget ගේ ඉගැන්වීම් වලට අනුව ( Piaget’s theory of cognitive development) අර මං කිව්ව

ආකාරයට කුඩා අවදියේ සිට දරුවගේ බුද්ධි පලය නිර්මාණය වෙනවා…

ඒ ගේම තමයි දරුවෙක්ගේ භාෂා හැකියාව සදහා වැදගත් සංදිස්‍තානයක් ගන්නවා අවු 1-3 දක්වා වු කාලය..

(Bilingual child) ද්ව් භාෂා හැකියාවක් ඇති දරුවෙකු නිර්මාණය කිරීමේදී මේ සංඩිස්තානය ඉතා වැදගත් වෙනවා.. මෙහිදී අපට දරුවා මවු කුස තුල සිටියදීම ද ක්‍රියාත්මක විය හැකියි..

කියාකාරකම් මගින් ලමයින්ගේ භාෂා හැකියාව හා බුද්ධි වර්දනය කර ගනිම මෙහිදි සුවිශාල අත්වැලක් වෙනවා

ඇත්තටම මං කතා කරොත් මගේ බබා ගැන එයාට මේ වෙනකොට. අවු 2 ලැබුවා පමනයි..

නමුත් එයා අවු 1 මාස 10 වනවිට සම්පූර්නයෙන්ම වගේ

* 1-20 දක්වා අංක නිවැරැදිව හදුන ගන්නත් ගනනය කිරිමටත්

* A-Z දක්වා කීමටත්.. අකුරු නිවැරැදිව හදුනා ගැනීමටත්

* මූලික වර්න නිල්,‍රතු,සුදු, කලු, කහ, කොල, අලු, දුබුරු, රෝස , දම් යන මුලික වර්න නිවැරැදිව හදුන ගන්න.. ඒ වගේම වර්න එකතුවකදි වෙන් වෙන්ව වර්න හදුනා ගැනීම

* මූලික හැඩතල circle , triangle , rectangle, square , trapicium, semi circle, pentagon, hexagon, star, heart, diamond යන හැඩ තලයන් නිවැරදිව හදුනා ගන්න

* සතුන්ගේ නම් ඔවුන්ගේ ශබ්දයන් පුතාට කියන්න පුලුවන්..

අපේ පුතා 1-20 දක්වා ගනන්කරනවා බලන්න

හැබයි මේ හැමදේම එක රැකින් කල දේවල් නෙවෙයි..

එයා පොඩි කාලේ ඉදන්ම අපි එයාට ලස්සන සෙල්ලම් කරන්න පුලුවන් පරිසරයක් හදලා දුන්නා.. එයා එක්ක නටනවා සිංදු කියන්වා පෙරලෙනවා කතා කියනවා

විශේෂයෙන් අපි මේ ඉගැන්වීම් කරේ ලමයට කිසිම ආකාරයක පීඩනයට පත් නොකර.. මුලින් අපි එයා එක්ක පොඩි පොඩි කියාකාරකම් කරන්න ගත්තම එයාම අපිව එක්ක යනවා එයා එක්ක කියාකාරකම් කරන්න කියලා …

දැන් නම් එයා නිතරම ගවේෂණශීලියි… මොකක් හරි දැක්කොත් ඒකේ පාට කියනවා .. නැත්නම් ඒකේ හැඩේ කියනවා.. ඔය වගේ එයාම හැමදේම අදයනය කරනවා.. සහ ඇවිත් අපිටත් ඒ දේ පෙන්වනවා..

ඒ වගේම මේ වෙනකොට ගොඩක් හොද ශබ්ද කෝෂයක් පුතා සතුව තියෙනවා

අපි බබට පොත පත දැනුම විතරක් නෙවෙයි.. සිරිත් විරිත් යහපත් ගතිපැවතුම් මේ වගේ දේවල් පවා මේ වෙනකොට එයා දන්නවා..

*බුදුන් වදිනවා මාත් එක්ක

*ගේ අතු ගාන්න උදව් වෙනවා.. ( ඒ වගේම හැඩි කරනවා ර්‍ර්ටත් වඩා😊😊😊)

*Wet tissue දුන්නම එයා ගිහින් එයගේ සෙල්ලම් බඩු, බෝල පිහිදානවා

* බිම මොනව හරි හිරුනාම පාපිස්ස දානවා

* හරිටටම සෙරෙප්පු දෙක දා ගන්නවා

* කුනු ඩස්පින් දානවා

මේ වගේ තව ගොඩක් දේවල් එයා අත්දැකීමෙන් ඉගෙන ගෙන තියෙන්නේ..

මේ හැමදේම පුතා ඉගෙන ගත්තේ ආදාරයෙන්… ගහලා බැනලා නම් නෙවෙයි ..

නිදිමත වෙලවට නම් හැබයි පොඩ්ඩ බැරි උනොත් අඩන එකමයි වැඩේ.. ඒ ඉතින් එයාට නිදිමත නිසා.. ඒ වගේ දෙමාපියන් හැටියට අපි ලමුන්ගේ situation එක තේරුන් අරගෙන එයාල එක්ක ගනුදෙනු කරන්න ඕන හරි පරිස්සමට.. මොකද පුංචි හිත් මල් වගේ තැලුනොත් ආයි කලින් වගේ හදන්න බෑ

විශේෂයෙන් මෙලොව වෙසෙන සෑම දරුවෙක්ම බලපොරොත්තු වන්නේ ආදරය ,කාලය, සෙනෙහස සහ ආරක්ෂාව යන මූලික සාදක 4යි… ආදරනීය දෙමාපියන් හැටියට එයාලාට ඒ ටික දෙනකොට ඉබේටම හරිම ලස්සන දරුවෙක් නිර්මාණය වෙන එක කාටවත් වලක්වන්නට බෑ

මං

Shani Ranasinghe

https://youtu.be/vPGDkKUlwSo

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.