අද මං ඔයාලට අරන් ආවේ කිචන් ටිප් එකක්..
ඔයාලා දන්නවනේ මට ඉතින් පොඩි බබෙක් ඉන්නවා කියලා .. එක නිසා මගේ හිතවතුන් කීප දෙනෙක්ම ඇහුවා මන් කොහොමද උයන පිහන වැඩ ඉක්මනින් කරගන්නෙ කියලා….
ඒ වගේම තමයි ගෘහනියන් උනාම අරපිරිමැස්මෙන් වැඩ කරන්නත් ඕන…
ඔන්න ඉතින් අද මං ඔයාලයත් එක්ක බෙදා හදා ගන්න ආවා ඒවගෙ අරපිරිමැස්මෙන්
මගේ වැඩ පහසු කරනවන දෙයක් ගැන කියන්න …
ඒ මගේ එළවළු ඩ්‍රෝවර් එක.. 😍😍😍😍😍😍
එලවලු කිව්වට මේකේ තියෙන්නේ එළවළු නම් නෙමෙයි.. රම්පේ කරපිංචා අමුමිරිස් තක්කාලි දෙහි වගේ දේවල්
මේක මං ගත්තේ කඩෙන්… ( photos තියෙන්නව) සල්ලි වියදන් උනට ඊට වඩා මගේ කාලය ඉතුරු වෙනවා ..මං ඉතින් මගේ fridge එකට දාන්න පුලුවන් ප්‍රමාණයෙන් එකක් ගත්තේ..
මේක නිසා මගේ fridge එකේ ගොඩක් ඉඩ ඉතුරු වෙනවා වගේම වැඩත් පහසු වෙනවා.. ඒ වගේම වෙනදාට නරක් වෙලා විසික්කරන්න වෙන දේවල් දැන් මේ ක්‍රමයට තියා ගත්තොත් කාලයක් හොදට තියා ගන්න පුළුවන්..
මේකේ එකින් එකට ඩ්‍රෝවර් වල අඩියට සවියට්පේපර් දාලා ඔයලා සොද ගත්තු දේවල් ටික දා ගන්න.. තෙත මාත්තු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ…..
*රම්පේ – සොද ගෙන කෑලි වලට කපා
ගෙන
* කරපිංචා – සෝදගෙන කොළ ටික
කඩාගෙන
* අමු මිරිස් – ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අමු මිරිස් කොහොම සොදලා තෙත මත්තු කරත් ටික දවසක් යනකොට නරක් වෙන එක.. ඒත් මේ විදියට අමුමිරිස් සෝදගෙන නැට්ට ඔක්කොමත් එක්ක කඩලා තියන්නකෝ ඕන තරම් කාලයක් තියා ගන්න පුලුවන්.. අනික එකින් එකට තෙත මාත්තු කරන්න ඔනෙත් නෑ..
* තක්කාලි /දෙහි, සුද්ද කරලා ඉතුරු වුනු ළූනු/ සුදු ළූනු වගේ ඒවා –
සාමාන්‍යයෙන් මං උයද්දී තක්කාලි දෙහි ඕන වෙන්නේ අඩුවෙන් නිසා , පහලම තට්ටුවේ මං දාන්නේ කපලා ඉතුරු උන කෑලි.. ඉලග දවසට මට එක අමතක නොවී පාවිච්චියට ගන්න පුලුවන් .
*කෙනෙක් අහන්න පුලුවන් ඇයි අපිට බැරි මේ ඔක්කොම එක බෝල් එකට දාලා තියා ගන්න…
ඔව් මේ ඔක්කොම එක බෝල් එකක තියා ගන්න පුලුවන් ඔයලට කැමති නම්,
1. ඒත් ඔක්කොම ජාති එකට තියෙනකොට නරක් වෙන්න පුලුවන් ඉඩ වැඩීයි.
2. ඒ වගේම අවශ්‍ය දේ ඉක්මනින් ගන්න බෑ ටික වෙලාවක් යනවා හොයන්න..
3. අනික fridge එකේ ඉඩ උනත් අපතේ යනවා ..
4. පිටරටක වගේ ඉන්න කෙනෙක් නම් රම්පේ කරපිංචා මිරිස් වගේ ඒවා එක පාර ගොඩක් ගන්නවා..ඒ නිසා ඔක්කොම එක බෝල් එකේ දැමීම ප්‍රායෝගික නොවෙන්න පුලුවන් ..
😊😊😊
ඉතින් මං හිතනවා මේ කාර්ය බහුල ජිවිතේ පොඩ්ඩක් හරි ගිමන් හරින්න මගේ ටිප් එක ඔයාලා කාට හරි පොඩි හරි උදව්වක් වේවි කියලා ..
ඒ වගේම ගන්නකොට හොද ප්‍රෙශ් ඒවා ගන්න
😍😍😍😍😍😍😍😍😍😍
මේ post එක කියවලා ඔයාලා යම් හෝ දෙයක් ජිවිතේට ගත්තනම් මට උදව්වක් විදියට මගේ blog එක subscribe කරල්ස වගේම 











Shani Ranasinghe කියන page එකට like කරලා සහයෝගය දෙන්න … 😍😍😍😍😍

Leave a comment