කොහොම ඉතින් මගේ යාලූවෝ හැමෝටම.. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද අමුවේ අපේ මිනිස්සු තැලිලා පොඩිවෙලා ඉන්න වෙලා වේ මේ නම් ආවේ දේශපාලන අර්බුදය කෙසේවෙතත් ආර්ථික අර්බුදයෙන් පීඩා විදින අපේම අය වෙනුවෙන් මාගේ දැන පමනින් රුකුලක්, උනන්දුවක් ඇති කරන්න..
මම දැනට ඉන්නේ ලංකාවේ නෙවෙයි කටර් වල.. මේහේ මේ දවස් වල පුදුම විදියට රස්නෙයි.. හරියට නිකන් එලියට බැස්සම අවන් එකක් ඇතුලේ ඉන්නව වගේ අපේ ලංකාවේ නම් ගහක් යටට, හෙවනක් තියෙන තැනකට ගියත් පොඩි හරි සිසිලක් දැනෙනවනේ..
ඒත් ඉතින් මෙහේනම් එහෙම ගියා කියලා වෙනසක් නෑ කියල, මැදපෙරදිග වැඩ කරන, කරපු අය හොදටම දන්නවා ඇති.. ඒ අතින් අපේ ශ්‍රී ලංකාවා පුන්‍ය භූමියක්![]()
![]()
හරි එහෙනම් අපි මාතෲකාවට බහිමුකේ.. සාමාන්‍යයෙන් මේහේ මිනිස්සු සුපිරි වෙළෙඳසැල් මේ එකී මෙකී ඒවලින් භාණ්ඩ මිලදී ගනිද්දී, ලංකාවේන් ආනයනය කරපුවා කිව්වම පොඩ්ඩක් හොද quality තියෙන භාණ්ඩ කියලා තමයි විශ්වාස කරන්නේ අනෙක් ආසියානු රට වලට සාපේක්ෂව.. විශේෂයෙන්, නැවුම් එළවළු , පළතුරු … ඒ අතරත් කාබනික වෙළෙඳපොළට හොද ඉල්ලුමක් සහ හොද මිලක් තියෙනවා…![]()
ඒත් මට පේන විදියට නම් අපේ රටෙන් ඉල්ලුමට අනූව කරන සැපයුම මදිකම හා සමහර භාණ්ඩ වල අසීමිත මිල ඉහල යාමත් සමහරවිට හොද වෙළ්ද පොල අවස්ථා අහිමි වී යාමට හේතු වෙන්න පුලුවන්.. ඒත් මං මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕන![]()
![]()
කොහොම මිල ඉහල ගියත් ගන්න කෙනා ගන්නවා.. එත් සාමාන්‍ය වැටුපක් ගන්න , කොස් කටින් කරන අපේ ලංකාවේ, ආසියානු වගේ අය ඒ අසිමිත මිල ඉහලයාම හමුවේ second option එකක් විදියට ඉන්දියන්, බංග්ලාදේශය වගේ භාණ්ඩ වලට නැබුරූ වෙනවා..
මං ඔයාලට මේ එක්කම දාල ඇති මෙහේ සුපිරි වෙළෙඳසැල් වලින් පාරිභෝගිකයන්ට දෙන ඒයාලගේ ප්‍රෙමෝශන් සහ මිල ගනන් තියෙන නිව්ස්පේපර් එකක්.. මේවා හැම සුපිරි වෙළෙඳසැලකින්ම වගේ දෙනවා ඇතුල් වෙනකොටම.. නැත්නම් ගෙවල්වල ගේට්ටුවේ නැත්නම් වාහනවල හැඩල් වල වගේ තියලා තියනවා ප්‍රෝමෝශන් පටන් ගන්න කලින් දැනුවත් වෙන්න..
ඉතින් මේකේ ඔයාල බලන්න අනෙක් පලතුරු වාට වඩා මැන්ගුස් වලයි රඹුටන් වලයි මිල.. මේ ප්‍රෝමෝශන් එක තියෙන්නෙත් දවස් 3යී කියලයි එයාලා දාල තියෙන්නේ,ඒ කියන්නේ තව දවස් 3කින් මේකේ මිල ඉටත් වඩා ඉහල යනවා.. ඒහෙම උනා කියලා නොගෙන ඉන්නෙත් නෑ මිනිස්සු
ඒකට හොදම උදාහරණයක් තමයි, අපි මේ සතියේ ශොපින් ගියාම මං දැක්කා අරබි ලස්‍සන පොඩි කොටු පැටියෙක් රඹුටන් ඇති වෙන්න බෑග් එකකට දා ගන්නවා. ඒ වෙලාවේ මට නම් හිතුනේ මේයාලත් අපි වගේම රඹුටන් කන්න ආසයි නේද කියල ![]()
ඒත් ඉතින් කියන්න කනගාටුයි… අපේ වෙළෙඳපොළ සැපයුම නම් බොහෝමත්ම අඩුයි අනෙක් රටවලට සාපේක්ෂව..
- ඒ වගේම මට පේන අනෙක් වැරද්දතමයි නිසිලෙස ඇසුරුම් නොකිරීම …
බෝහෝ දුරට කෙසල්, අඹ , පලා වර්ග වහේ ඉක්මනින් තැලිලා පොඩි වෙලා නරක් වෙලා යන ඒවා තවත්හොදින් ඇසුරුම් කරලා එවන්න පුලුවන් නම් හොදයි, මොකද මං හොදටම දැකල තියෙනවා ගොඩක් තැලිලා පොඩි වෙලා අපරාදේ මහා පරිමානෙන් ඉවත් කරනවා.
- ඒ වගේම පලා වර්ග වගේ එවනකොට මහා ගොඩවල් එකට බදින්නේ නැතුව ඉතා සුලුවෙන් දෙන්නෙක්, තුන්දෙනක් ඉන්න පවුලකට එක වෙලකට වගේ ඇති වෙන්න කියලා හිතලා මිටි බදින්න..
කාට හරි ඕනනම් එයාලා මිටි 2ක් 3ක් වැඩිපුර ගනිවී.. නැත්නම් වෙන්නේ ගොඩක් අය මිටිය ගොඩක් තියෙනකොට ඒ මිටිය ලිහලා තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්න එක.. ඒකෙන් ගොඩක් දුරට අනෙක් ටික් අපතේ යන්වා.. බිම වැටිලා, මිටි ගලපුව කවුරුවත් ගන්නේ නෑ ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
ඉතින් මට කියන්න ඕන හොද දquality ක් තියාගෙන වැඩි වැඩියෙන් වෙන රට වලට අපනයනය කරන්න.. අපේ රටට ආදරය කරන, අපේ රටේ කෑම වල රසට ආදරය කරන ගොඩක් අය ඉන්නවා බලාගෙන අපේ දේවල් ගන්න.. මේ තියෙන රටේ තත්වෙන් ගොඩ එන්න ඔයාලත් ගොඩ එන්න.. පිටරටින් ආනයනය කරන දේවල් පුලුවන් විදියට සීමා කරලා.. අප්නයනයට පෙල ගැසෙන්න.. ![]()
මං හිතනවා මගේ ලිපියෙන් මොනවහරි වයාපාරික අවස්ථාවල් ඔලුවට එන්න ඇති කියලා.. ලියන්න නම් තව ගොඩක් දේවල් තිබ්බට ලිපිය තවත් දිග වෙන නිසා නවත්වා මෙතනින්… ![]()
![]()
පිටරට ඉන්න අපේම අයගෙනුත් ඉල්ලනවා පුලුවන් තරම් අපේ රටට ශක්තියය්වෙන්න පුලුවන් නම් ලංකාවේ products ම ගන්න බලන්න![]()
![]()
ඒ එක්කම අපි ගෙදරට මේ සතියේ ගන්තා ලංකාවේ භාණ්ඩ කිහිපයක හා තවත් පෝටෝස් දාලත් ඇති බලන්න ඒ වගේම මෙහේ භාණ්ඩ වල මිල ගනන් දැන ගන්න ප්‍රසිද්ධ සුපිරි වෙළ්ද සැලක ලින්ක් එකකුත් දාලා ඇති ඔයාලට බලන්න.
ඔයාලට මීට අමතරව මේ ගැන ලිපියක් හෝ දැනුවත් කිරීමක් ඕන නම් මට කියන්න.. මට පුලුවන් විදියට ඔයාලට ලිපියකින් ආපහු මුනගැහෙනකන් ආයූබෝවේවා මගේ යාලුවො හැමෝටම ![]()
![]()
මම ශානී රණසිංහ ![]()
![]()













Leave a comment