( කොතනද අපිට වැරදෙන්නේ )
කාලය හිමින් ගෙවී ගෙන යනවා.. එදා අපි දුව පැන්න තැන් අද ගොඩක්ම වෙනස් වෙලා.. කාලය හරි පුදුමයි. .
අපි එන්න එන්න අතීතයට එක් වෙනවා..
ආදරයත් ඒ වගේ..
මේ හැල්මේ දුවන ජිවිතේ පොඩ්ඩක් නතර වෙලා බැලුවා.. අපිට මොනව හරි අමතක වෙලා… මොනවාද ඒ… හිත කල්පනා කරනවා.. වතුර බිල ලයිට් බිල ගෙව්වද, ම්ම්ම් මේ මාසේ ඉවර වෙනකන් අතේ තියෙන ගානෙන් රෝල ගහගන්න පුලුවන් වෙයිද. .. හිත ආයි දුවනවා..නෑ ඒවා නෙවෙයි.. හිතන්න..මට ඒ ඇරෙන්න මුකුත් මතක් වෙන් නෑනේ..
ඇයි ඔයාට අමතක උනාද… ඔයාගේ දරුවන්ව..
අපෝ නෑ දරුවෝ නිසා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ.. එයාලට සැපවත් ජීවිතයක් දෙන්න..
ඉතින් ඇත්තටම එයාලට ඕනේ ඒ දේවල් විතරද?
ගෙදර තනියෙන් ඉන්න එයා ඔයට සෙල්ලම් කරන්න කතා කරාම, ඔයාගේ ඇගිල්ල අල්ලලා ඇදන් යන්න හදනකොට මට වැඩ තියෙනවා කරන්න පුතේ පොඩ්ඩක් ගිහින් සෙල්ලම් කරන්න, අම්මී ඉක්මනින්ම එන්නම් කියලා කොච්චර මග ඇරලා තියෙනවද..

තාත්ති එන්න සෙල්ලම් කරන්න කියලා කතා කරාම පොඩි එකාට විඩියෝ එකක් දලා කී දවසක් අපි එයාලගෙන් දුරස් වුනාද..
මොනව කරන්නද.. මේ ජිවන රටාව එක්ක අපිට එහෙම කරන්න වෙලා තියෙනවා… ආයි හිත හේතු කාරනා ගොතන්වා…
ම්ම්ම් ඔව් වෙන්න පුලුවන්..
හිත ඈතට දුවන්වා….
ඉස්සර අපි සෙල්ලම් කර හැටි මතක් වෙනව. .. තාත්තා අපිව කරේ තියන් අම්මා අපිව වැටෙයි කියල අත්දෙකෙන් අල්ලගෙන අශ්වයගෝන් ටික් ටික් කිය කිය රජා වගේ තාත්තගේ පිටේ ගිය හැටි… දණ්හිස වැලි කැට වලට හිල් වෙලා රිදුනත් ඒ හිනාවේ වෙනසක් පොන්නුවේ නෑ.. ලමයි ටික එකතු වෙලා රබර් බෑන්ඩ් දාලා කොන්ඩේ මල් හදනකොට කොන්ඩේ කෑලි රබර් පටියට කැඩිල ගියත් එයාලගේ සතුටනේ කියපු, ඉඩක් ලැබුනු තැන පොඩි පොඩි ලෑලි කෑලි වලින් සෙල්ලම් බඩු හදලා අපිව පුදුම කර තාත්තා..

කිසිම කෘතීම රසකාරක එකතු නොකර රස මසවලු හදලා ඇයගේ අත් වලින් පොඩි කර බඩ පිරෙනකන් කතන්දර කිය කියා කවපු , විශේෂ දෙයක් තිබ්බොත් තමුන්ගේ කෑල්ලත් දරුවන්ටම කන්න තියපු.. කාගෙන්වත් කතාවක් අහන්න නොදී ගෙදර වැඩ පල උගන්නපු.. ඇහක් වගේ තම දරුවන් රැක ගත්ත ආදරනීය අම්මා..

අද ඒ කාලය වෙනස් වෙලා.. ආර්ථිකය ගැටළු විතරක් නෙවෙයි ප්‍රශ්නේ… මොකද එදත් අපේ අම්මලා තත්තලා ආර්ථික ගැටලු එක්ක අද වගේම නැහුනා..
එහෙනම් මොකක්ද ප්‍රශ්නේ,
එක ගැජට් එකක් ඇවිත් අපේ වෙලාව ඉතුරු කර ගන්න.. හැමදේම දැන් අතේ දුරින් නෙවෙයි..අත උඩ..
ඔව් අත උඩ.. ස්මාර්ට් ඇලට්, ඔන්ලයින් බෑන්කින්, නිව්ස් ඇලටි, එකී මෙකී ඕන වැඩක් තප්පර ගානින් කර ගන්න පුලුවන් මේ ගැජට් එකෙන්..
කාලය නම් රන් හා වටීනේ ඉතින්..ඔක්කොම ටික ටග් ගාලා කරගෙන පවුලේ අයත් එක්ක ටික වෙලවක් ඉන්න.. දරුව එක්ක සෙල්ලම් කරන්න.. මේ ගැජට් එක නිසා ඒ වට ටයිම් එක ගදා ගන්න පුලුවන් වුන එක කොච්චර දෙයක්ද..
ඒත් එතින් ඒ ගැජට් එක කොහොම අමතක කරන්නද.. ෆේස් බුක්, ඉන්ස්ට්‍රගෑම්, ට්විටර්, යූ ටුබ් අම්මෝ කොච්චර තියෙනවද.. කට්ටියම බලන් ඉන්නවනේ මන් එනකන්.. යන්න ඔන පොඩ්ඩක් ඒ පැත්තේ..
අම්මේ මරුනේ.. ලයික්, කමෙන්ට්, වීව්ස් පිරිලා… මේක පැත්තකින් තියන්න හිතෙන්ම නෑ අනේ… අම්මයි තත්තයි දෙපැතත්තේ තරගෙට ඔබනවා.. දරුවො ඇවිත් අම්මේ සෙල්ලම් කරන්න යන්… තත්තේ සෙල්ලම් කරන්න යන්.. අනේ ඔයා පොඩ්ඩක් ගිහින් තනියම සෙල්ලම් කරන්නකෝ.. අපි මේ වැඩක්..

ඔව් ලොකු වැඩක්.. ලයික් කරන්න.. කමෙන්ට් දාන්න.. වීව් කරන්න.. පෝස්ට් බලල රස විදින්න.. ඒ වට හිනා වෙන්න.. දුක් වෙන්න.. කොච්චර නම් වැඩ තියෙනවද ඉතින්…

ඔන්න ඔන්න ඉතින් එන්න එන්න දරුවගේ ඇඩිල්ලත් කරදරෙත් වැඩිවෙනවා.. හරි යන්නේ නෑ මෙයටත් ටැබ් එකක් ගෙනත් දෙන්න ඕන..

දැන් තුන දෙනාම ස්කීන් එකේ ගජ රාමෙට වැඩ.. සෙනෙහස ආදරය දුරස් වෙලා ගිහින්.. දරුවට අම්මා තත්තා නිකන්ම නම් දෙකක් විතරක් වෙලා.. දරුවා ගැජට් එකේ තියෙන හැමදේම විශ්වාස කරන.. ඒ මත්තේ හැඩ ගැහුනු දරුවෙක් වෙනවා..කාතාව අඩුයි.. ඇයි ඉතින් කා එක්ක කත කරන්නද.. බැදීම් හැගීම් දැනීම් කියන දෙයක් තෙරෙන්නෙනේ නෑ..ඔය විදියට කාලය ගෙවෙනව..

ලමයින් ලොකු වෙනවා.. අම්මා තත්තව ගනන් ගන්නේ නෑ.. සලකන්නේ නෑ.. වැඩිහිටි නිවාස එන්න එන්න වැඩි වෙනවා.. අපේ ලමයින් අපිට සලකන්නෙ නෑ..
ඔවුන් එදට ඉකි ගහමින් ලතවේවී…
මොකක්ද හේතුව… උත්තරය ඔබ ලග…
මේ ලියනා මාද සර්වසම්පූර්න මවක් නොවෙමි. හදවතේ කැකෑරෙන දේ අකුරු කෙරුවා පමනි..අඩු පාඩු නම් එමටය..
මම ශානී රණ්සිංහ ❤️


Leave a comment