සිංහල අච්චාරු

මගේ කලින් පෝස්ට් එකේ සාමාන්‍ය ප්‍රමාණයේ අච්චාරු බෝතලයක ප්‍රමාණයක් සෑදීම රූප සටහන් එක්ක දාපු පෝස්ට් එකේ ලින්ක් එක් මේ 👉https://m.facebook.com/ShaniRanasingheofficialpage/photos/a.125522132160181/125523102160084/?type=3&mibextid=qC1gEa

බෙදන්නම හදපු සිංහල අච්චාරුව

බෙදන්නම හදපු සිංහල අච්චාරුව

(මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණ ගන්න පුලුවන් )

*අමු ගස්ලබු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩියක්

*රතු ළූනු

*ඒ ප්‍රමාණයට සමාන ප්‍රමාණයන්ගෙන් කැරට් ගෙඩි

*අමු මිරිස් කරල් (සමාන ප්‍රමාණයෙන්.. ඒත් මං මෙතන ටිකක් වැඩිපුර මිරිස් එකතු කර ගත්ත කට්ටිය මිරිස් කන්න කැමති නිසා)

*මුරුංගා පොතු

*විනාකිරි

*අබ ඇට මේස හැදි 1

*සුදු ලූණු බික් 4

*ඉඟුරු කැල්ලක්

*ගම්මිරිස් ඇට මේස හැදි 1

*ලුනු රස අනුව

සාදන ආකාරය :-

*අබ මේස හැඳි 1 විනාකිරි කෝප්ප බාගයක් සමග පෙඟෙන්න දාන්න. (පැය1 -පැය 1/2 ක් කාලයක් පමණ තබන්න නැත්නම් අච්චාරු වල තිත්ත රසක් එනවා)

*ගස්ලබු දිග තීරු (ග්‍රේට් කර ගන්න) කපා කහ සහ ලුණු අතගාල ටික වේලාවක් තියලා තුනී රෙදි කඩක් ගෙන ගස්ලබු තිරු ටික එයට දමා මිරිකා වතුර අයින් කර ගන්න.

*මිරිස් කරල් සෝදා පිස දමා තෙත ඇර එක පැත්තකින් යන්තමට පළා ගන්න.

*රතු ළූනු පිස දමා වතුර ගතිය ඉවත් කර ගන්න.

*කැරට් දිග තීරු කපා පිස දමා වතුර ගතිය ඉවත් කර ගන්න.

*මේ විදිහට වතුර ඉවත් කර ගත් විට වැඩි කාලයක් නරක් නොවී තියා ගන්න පුළුවන්.

*පසුව විනාකිරි වල පෙඟෙන්න දැමූ අබ බ්ලෙන්ඩර් කප් එකින් හෝ මිරිස් ගලේ/ වංගෙඩියේ හෝ දමා සුදු ලූණු, ඉඟුරු, ගම්මිරිස් , මුරුංගා පොතු සමග විනාකිරි අවශ්‍ය ප්‍රමාණට දමා මිශ්‍රණය එකට අඹරා ගෙන එය පසෙකින් තබන්න.

*තව විනාකිරි කෝප්ප 1/2 පමණ ප්‍රමාණයක් මැටි ඇතිලියකට දමා රත් වී ගෙන එනවිට එයට ලුනු ස්වල්පයක් දමා දිය වූ පසු රතු ළූනු ඒ විනාකිරි එකට දමා ටික වේලාවකින් ඉක්මනින්ම වර්නය වෙනස් වීමට පෙර බාගන්න.ඒ ආකාරයට ම කැරට් සහ අමුමිරිස් පිලිවෙලින් එසේ Blanche කර ඉක්මනින් ඉවතට ගන්න.

*දැන් හට්ටියේ තියෙන ඉතුරු විනාකිරි ටිකේ තියෙන වතුර ගතිය යන්න පොඩ්ඩක් එය බුබුලු දානකන් ඉදලා එයට තවත් විනාකිරි කෝප්ප බාගයක් පමණ දමා බුබුළු දමන විට කලින් අඹරා ගත් අබ මිශ්‍රණය එයට දමා හොඳින් දිය කරගෙන ඉක්මන් එයට Blanched කර ගත් එළවළු දමා ලිප නිවා අවසානයට මිරිකාගත් ගස්ලබු ටික එකතු කර කවලන් කර ගන්න..

*දැන් කලින් මිශ්‍රණයට ලුනු දැමු නිසා ලුනු අවශ්‍ය ගානට තිබේදැයි බලා මදිනම් ලුනු කුඩු එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

*නිවුනු පසු බෝතල් වලට හෝ හට්ටියකට දමා රෙදි කඩකින් හොදින් වැසෙන සේ වසා ගන්න.

*අවශ්‍ය නම් ශීතකරනයේ තැබීමෙන් වැඩි කාලයක් කල් තබා ගත හැක.

*දවස් 2-3 කට පසු එය තවත් රසවත් වේ… මං ඉතින් බෙදන්න හදපු නිසා ජීවානුහරනය කල විදුරු බෝතල් ටිකේ දා ගෙන පරිස්සමෙන් තෑගි දුන්නා😊😊😊😊

මං ශානි රණ්සිංහ ❤️

කලින් සිංහල අච්චාරු පෝස්ට් එකේ ලින්ක් එක මේක https://m.facebook.com/ShaniRanasingheofficialpage/photos/a.125522132160181/125523102160084/?type=3&mibextid=qC1gEa

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.